පිට රටින් ගේන බිත්තර රුපියල් 40ට

පිට රටින් ගේන බිත්තර රුපියල් 40ට

by Staff writer 04-01-2023 | 7:56 PM

COLOMBO ( News 1st ) - ඡන්දයකට මුදල් නැතැයි ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව පවසද්දී පිටරටින් බිත්තර ගෙන්වීම ඉදිරි සතිය තුළ සිදුකරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආනයනික බිත්තරයක් රුපියල් 40 - 42 ත් අතර මිලකට ජනතාවට ලබා දෙන බව ය.

බිත්තර ආනයනය සම්බන්ධයෙන් අද (04)  පස්වරුවේ වෙළෙඳ  අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවති අතර එහිදී ගෙන්වන බිත්තර ප්‍රමාණය, නිරෝධායන සහතික නිකුත් කරන ආකාරය සහ මිල ගණන් පිළිබඳව අවධානය යොමුකර තිබේ.

වෙළෙඳ අමාත්‍යවරයා පැවසුවේ,රාජ්‍ය වාණිජ විවිධ නිතීගත සංස්ථාව හරහා බිත්තර ආනයනයට පියවර ගන්නා බවත් රටේ අවශ්‍යතාවයෙන්  20% ක් වැනි ප්‍රමාණයක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ආනයන කටයුතු සිදුකරන ආයතන සතුව පවතින බවත් ඔහු කියා සිටියේ ය.