ඡන්දයේ කිසිදු කටයුත්තකට සහභාගී වෙන්නේ නැහැ -ජනපති

පළාත් පාලන ඡන්දයේ කිසිදු කටයුත්තකට සහභාගී වෙන්නේ නැහැ.. - ජනපති පක්ෂයට දැනුම් දෙයි.

by Staff writer 04-01-2023 | 7:50 PM

COLOMBO ( News 1st ) - පළාත් පාලන ඡන්දයේ  කිසිදු කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් දැනුම් දී ති‌බේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද (04)  පස්වරුවේ කොළඹ දී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවු අවස්ථාවේ දී  තමන්ට වරමක් දී  ඇත්තේ ඡන්දය කිරිමට නොව,දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බැවින්,ඒ වරමින් පිට ක්‍රියාකිරිමට කිසිවිටෙකත් සුදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායකයින් හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේනම්, ඒ සඳහා තීරණ ගැනෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානූකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බවයි. 

මේ අතර මහ නගර සභා , නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන සඳහා පත් වන සභිකයින් 4000කට පමණ පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බවත්,ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේ දැයි දැනුම් දිය යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියේ ය.