ජපානයේ උද්ධමනය ඉහළට

ජපානයේ උද්ධමනය ඉහළට

by Staff writer 04-01-2023 | 3:52 PM

COLOMBO ( News 1st ) - ජපානයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ,මෙම මාසය අවසන් වන විට පාරිභෝගික මිල දර්ශනයට අනුව එරට උද්ධමනය  4%කින් ඉහළ යනු ඇති බව ය. 

කෙසේවෙතත්, 2022 වසර අවසන් වන විට ජපානයේ උද්ධමනය 2021 වසරට සාපේක්ෂව  3.7 %කින් ඉහළ ගොස් ඇති අතර මෙය 1981 වසරෙන් පසුව එරට වාර්තා වූ ඉහළම උද්ධමන වර්ධනය වීම විශේෂත්වයකි.