පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද නිකුත් කෙරේ

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද නිකුත් කෙරේ

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද නිකුත් කෙරේ

කර්තෘ Staff writer

04 Jan, 2023 | 6:20 am

COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද (04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

කොමිසමේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, නාමයෝජනා කැඳවීමේ දැන්වීම පළකර දින 14 කින් පසු නාමයෝජනා භාරගන්නා බවය.

ඒ සඳහා දින තුන හමාරක කාලයක් ලබා දෙන බව ද ඔහු පැවසීය.

අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වේ.

පළාත් ආයතන 341 න් ආයතන 340 ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් වනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]