English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
04 Jan, 2023 | 3:08 pm
COLOMBO (News 1st) – තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම හෙට (05) සිට ලබන 23 වැනිදා රාත්‍රි 12.00 දක්වා ක්‍රියාත්මක බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි.
මෙම ඡන්ද විමසීමේ දී එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ඡන්දහිමියන් ලෙස ලියාපදිංචිව සිටින හා ඡන්ද විමසීම් රාජකාරි සඳහා යෙදවීමට නියමිත සියලුම රාජ්‍ය නිලධාරීන් සේවකයින්, විදුහල්පතිවරුන්/ ගුරුවරුන්, එම පළාත්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරින් සේවකයින්, තැපැල් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සේවකයින්, දුම්රිය සේවා පවත්වාගෙන යාම පිණිස අත්‍යවශ්‍යම වන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්/ සේවකයන් සහ දිවයිනේ සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතුවල නිරත වන ත්‍රිවිද හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සක්‍රීය ආරක්ෂක සේවයේ යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකාවන් අපේක්ෂකත්වය නිසා තමාට වෙන් කරන ලද ඡන්ද පොළේ දී පෞද්ගලිකව ඡන්ය දීමට නොහැකි වන බව හෝ එසේ වීමට ඉඩ ඇති අපේක්ෂකයන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබයි.
තවද, මෙම ඡන්ද විමසීමේ දී තැපෑලෙන් ඡන්දය දීම පිණිස ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා වූ තොරතුරු 2022 පළාත් පාලන ආයතන ඡන්දහිමි නාමලේඛනයෙන් නිවැරදිව ලබාගත යුතු බව ද කොමිසම අවධාරණය කර සිටී.
සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකවම පරීක්ෂා කර ඉල්ලුම්කරුගේ අනන්‍යතාව පිළිබඳ නිසැකවම සහතික කළ යුතු බවත්, සහතික කරනු ලැබූ අයදුම්පත් හැකි වහාම එම අයදුම්කරු ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත 2023.01.23 දින හෝ එදිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබෙන සේ යැවිය යුතු බව ද ආදාළ නිවේදනයේ සඳහන් වේ.
නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් හා අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර නියමිත කාල සීමාව අවසාන දිනයේ දී හෝ එයට පෙර දිනයේ දී ඉල්ලුම්පත්‍ර තැපෑලට භාරදීම වෙනුවට මැතිවරණ කාර්යාලයට ගෙනවිත් භාරදීම වඩාත් යෝග්‍ය බව ද එම කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ඇති සියලුම දෙනාගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ, තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ කාල සීමාව අවසන් වන තෙක් නොසිට නොපමාව ස්වකීය ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ලෙසයි.
තව ද තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2022 ඡන්ද හිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (www.elections.gov.lk) පිවිසීමෙන් හෝ අංක 1919 මගින් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් ද ලබාගත හැකියි.
ඊට අමතරව අවශ්‍ය වන තොරතුරු ලබා ගැනීම සඳහා 2022 පළාත් පාලන ආයතන ඡන්ද හිමි නාමලේඛන පහත සඳහන් ස්ථානවලදී ද ප්‍රදර්ශනය කෙරෙනු ඇති.
* සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල (කච්චේරිවල)
* සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල
* සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල
*ග්‍රාම නිලධාරි කාර්යාලවල
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට තැපැල් ඡන්ද අයදුම් සත්‍ර සම්පුර්ණ කර ගැනීම සඳහා පහසුකම් සපයා දී තිබේ.
ඡන්දහිමි නාමලේඛනයේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් නොවන අයදුම්කරුවන් ඉහත සඳහන් ස්ථානයකින් ස්වකීය ලියාපදිංචියට අදාළ තොරතුරු ලබාගෙන අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතු බව ද එහි සඳහන් ය.
31 May, 2023 | 06:33 AM
31 May, 2023 | 06:10 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS