English
தமிழ்
කර්තෘ Staff writer
04 Jan, 2023 | 1:07 pm
ඒ,පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම නැමැති චෝදනා යටතේ කංජිපානි ඉම්රාන් නමැත්තා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවක් අද (04) කැඳවූ අවස්ථාවේද ය.
අද (04) කංජිපානි ඉම්රාන් නමැත්තා හෝ ඔහුගේ ඇපකරුවෝ අධිකරණයේ පෙනී නොසිටියහ.
මේ හේතුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීම සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඇපකරුවන් තිදෙනා වහාම තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝගකර තිබේ.
කංජිපානි ඉම්රාන් නමැත්තා කොළඹ මහාධිකරණය විසින් කළ නියෝගය අනුව ඇප බැඳූම්කරවලට යටත්ව ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මින් පෙර නියම කොට තිබුණි.
කංජිපානි ඉම්රාන් නැමැත්තාට එරෙහිව විවිධ චෝදනා යටතේ, එනම් මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරිම ඒ සඳහා ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු කිහිපයක් පවතින බවත්,කොළඹ අපරාධ කොට්ඨාසය එහිදි අධිකරණයට දැනුම්දෙනු ලැබී ය.
එලෙස ඇප මත මුදා හරිනු ලැබු කංජිපානි ඉම්රාන් නමැත්තා මේ වනවිට රහසිගතව විදේශ ගතවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්,කොළඹ අපරාධ කොට්ඨාසය එහිදි අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
29 Nov, 2023 | 12:52 PM
29 Nov, 2023 | 06:18 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS