අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 03-01-2023 | 6:08 PM

COLOMBO (News 1st) - සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ගැසට් නිවේදනයට අනුව, 

1. විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන්,

2. ඛණිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම,

3. රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් ඒ හා සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම,

 රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රමය

අත්‍යවශය සේවා බවට පත්වනු ඇත.