වකුගඩු ජාවාරමේ තැරැව්කරු යළි රිමාන්ඩ්..

වකුගඩු ජාවාරමේ තැරැව්කරු යළිත් රක්ෂිත බන්ධනාගාරයට

by Sagarika Chathumali 03-01-2023 | 3:15 PM

COLOMBO (News 1st) – වකුගඩු ජාවාරමේ තැරැව්කරු බව පැවසෙන සැකකරු ලබන 17 දක්වා යළි  රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවන් 4 දෙනෙකු අදාළ සැකකරු හඳුනා ගෙන ඇත. 
 
නීති විරෝධිව දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කරමින් මුදල් ලබා දෙන බව පවසා ප්‍රධාන පෙළේ රෝහලක් තුළදී වකුගඩු ලබාගැනීම සිදුකර මුදල් ලබා නොදීමක් සම්බන්ධව පුද්ගලයින් 4 දෙනෙකු සහ කාන්තාවක් විසින් බොරැල්ල  පොලිසියට  කරන ලද පැමිණිලිවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය දෙසැම්බර් 06 වැනිදායි.  

සැකකරු වකුගඩු මුදලට ලබා දෙන පුද්ගලයා හා ලබා ගන්නා පාර්ශවය අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් කැරුව්කකරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත්, මොහු තැරැව් ගාස්තුවලට අමතරව වකුගඩුව ලබා දෙන පුද්ගලයාට ලබා දීමට අනෙක් පාර්ශවය විසින් ලබා දෙන මුදල්වලින් කොටසක් වංචා කර ඇති බවටත්  අනාවරණය වී තිබිණ.