මධ්‍යසාර සහ දුම්වැටි මිල ඉහළට

මත්පැන් හා දුම්වැටි සඳහා බදු වැඩි වෙන්නේ මෙහෙමයි

by Staff writer 03-01-2023 | 5:36 PM

COLOMBO (News 1st) - අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට වයින් ,බීර, සහ සියලු මත්පැන් වර්ග සඳහා වන නිෂ්පාදන බද්ද වැඩි කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අදාළ නිෂ්පාදන බද්ද 20% වැඩි කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි  දුම්වැටි සඳහා වන බද්ද ද 20%කින් වැඩි කර ඇත.

එසේම දේශීයව නිෂ්පාදනය කරනු ලබන  බීඩියක් සඳහා රුපියල් 2ක බද්දක් අය කරනු ලැබේ.

මෙම නව සංශෝධන මගින් රජය,රුපියල් බිලියන 22ක පමණ අමතර ආදායමක් අපේක්ෂා කරන බව රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.