පෙට්‍රල් සහ ඩීසල් මත අය කරන තීරු බදු ඉහළට

පෙට්‍රල් සහ ඩීසල් මත අය කරන තීරු බදු ඉහළට

by Staff writer 03-01-2023 | 9:26 PM

COLOMBO (News 1st) - පෙට්‍රල් සහ ඩීසල් මත රජය අය කරන තීරු බදු ඉහළ දමා තිබේ.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් මත අය කළ රුපියල් 27 ක බද්ද රුපියල් 52 ක් දක්වා ඉහළ දැමූ බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සුපිරි ඩීසල් ලීටරයක් මත අය කළ රුපියල් 13 ක බද්ද රුපියල් 38 ක් දක්වා ඉහළ දමා ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම බදු සංශෝධනවලට අදාළව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ යන්නේ ද පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ය.