.webp)
COLOMBO (News 1st) - කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 114 දෙනකු වමනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ, අදාළ කර්මාන්ත ශාලාව සේවක සේවිකාවන් සඳහා සාදයක් පවත්වා ඇති අතර එහිදී ලබාදුන් යම් ආහාරයක් විෂ වීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවටයි.
පොලීසිය පැවසවේ, පිරිස මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහල, හබරාදුව , අහංගම, ඉමදුව ඇතුළු රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.
ආහාර විෂ වීමක් මෙම තත්ත්වයට හේතු විය හැකි බවට සැක පළ කෙරෙන අතර පොලිසිය සඳහන් කළේ , වැඩිදුර පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොමු කර අති බවයි.