.webp)
ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අරගලය තෝරගන්නා ලෙසත්, ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් බවත් ඔහු එම ලිපියෙන් අවධාරණය කර තිබේ.
සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගැසූ තමන් සිරගතව ගෙවෙන 135වැනි දවස මෙම වසරේ ජනවාරි පළමුවැනිදා බවත්, යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කළ, ආර්ථික - දේශපාලන ක්‍රමයේ වෙනසක් ඉල්ලූ තවත් පිරිසක් බන්ධනාගාරය තුළ සිටින බවත් මුදලිගේ මහතාගේ ලිපියේ සඳහන් වේ.
යම් ජීවන මට්ටමක් ගොඩනගාගෙන සිටි මැද පාංතික ජනතාව පවා අර්බුදය ඉදිරිපිට පහළට කඩාගෙන වැටී ඇති බවත් යථාර්ථය තුළ මැද පංතිය අහෝසි වෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් වසන්ත මුදලිගේ මහතාගේ ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.
ජනතාව අරගල කළ අපේක්ෂාවන් තවමත් ඉටු කරගැනීමට අප අපොහොසත් වී ඇති බව පෙන්වා දෙන වසන්ත මුදලිගේ මහතා පවසන්නේ රනිල් - රාජපක්ෂ ජුන්ටාව ඔවුන්ගේ වැඩ කටයුතු වෙනදා ලෙස සිදුකරගෙන යන බවය.
තමන්ගෙ නොහැකියාව සහ අසමත් බව වසාගැනීම සඳහා දැන් ආණ්ඩුව අරගලයට විරුද්ධව විශාල මඩ අවලාද ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවද වසන්ත මුදලිගේ මහතා පෙන්වා දෙයි.
නමුත් එම අවලාද මැද වසන්ත මුදලිගේ මහතා අවධාරණය කරන්නේ මෙය අපි සැවොම එකතු විය යුතු කාලයක් බවය.
මෙය අරගලයේ ආරම්භය බවත්, අරගලය තවමත් අවසන් වී නොමැති බවත් වසන්ත ඔහු සිය විවෘත ලිපියේ අවධාරණය කර තිබේ.