English
தமிழ்
කර්තෘ Staff writer
03 Jan, 2023 | 6:42 am
ඒ, රාජ්‍ය සේවකයින් 30,000 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය දෙසැම්බර් මස 31 සිට විශ්‍රාම ගැන් වූ පසුබිමක් තුළයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, විශේෂ ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වත් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඊයේ (02) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් ද පැවැත්වූ නමුත්, තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව ද ලේකම්වරයා පැවසීය.
රාජ්‍ය සේවකයින්ගේ අතිරික්තයක් තිබෙන බව පැවසූ ලේකම්වරයා පෙන්වා දුන්නේ, මේ වනවිට මෙරට රාජ්‍ය සේවකයින් ලක්ෂ 15 ක් පමණ සිටින බවයි.
මේ අතර ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, නව වසරේ අධ්‍යපාන අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයට ඊයේ එක් වෙමිනි.
තව ද විශ්‍රාම යන දුම්රිය සේවකයින්ට සේවා දිගුවක් ලබා දිය යුතු බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ද පෙන්වා දෙයි.
එහි සභාපති සුමේද සෝමරත්න මහතා සඳහන් කළේ, සේවක හිඟය හේතුවෙන් ඊයේ දුම්රිය ගමන්වාර 36 ක් අවලංගු වී ඇති බවයි.
අද (03) උදෑසන කාලයේ ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර දෙකක් ද මේ වනවිට අවලංගු කර තිබේ.
31 May, 2023 | 01:19 PM
31 May, 2023 | 06:37 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS