QRකේතය සහිත රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ තීරණයක්

QR කේතය සහිත රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ තීරණයක්...

by Staff writer 02-01-2023 | 7:06 AM

COLOMBO ( News 1 st ) –  QR කේතය සහිත රියැදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට තීරණය ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 

එහි කොමසාරිස් කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවේ, දැනට පවතින රියැදුරු බලපත්‍රය අලුත් කිරීමේදී ද,QR කේතය සහිත බලපත්‍රය ලබාදෙන බවයි.

වාහන ආනයනය සීමා කර ඇති බැවින් පසුගිය වසරේ වාහන ලියාපදිංචිය පහළ ගොස් ඇතැයි ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරිය පැවසුවා ය.