ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

2023 අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සියළු දෙනා සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි - ජනපති

by Staff writer 02-01-2023 | 11:51 AM

COLOMBO ( News 1st ) - මේ වසර අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා සියළු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ නව වසරේ  රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අද (02) පෙරවරු 09.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය  ඉදිරිපිට පැවැත්වීය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ.

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රතිඥා ලබා දීමත් මෙහිදි සිදු කෙරුණි.