2023 අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සියළු දෙනා සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි – ජනපති

2023 අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සියළු දෙනා සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි – ජනපති

2023 අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සියළු දෙනා සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි – ජනපති

කර්තෘ Staff writer

02 Jan, 2023 | 11:51 am

COLOMBO ( News 1st ) – මේ වසර අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා සියළු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ නව වසරේ  රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අද (02) පෙරවරු 09.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය  ඉදිරිපිට පැවැත්වීය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ.

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රතිඥා ලබා දීමත් මෙහිදි සිදු කෙරුණි.
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]