සිපෙට්කෝ ඩීසල් සහ භූමිතෙල් මිල පහළට..

සිපෙට්කෝ ඩීසල් සහ භූමිතෙල් මිල පහළට..

by Staff Writer . 02-01-2023 | 9:26 PM

COLOMBO (News 1st) - අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල  පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව(සිපෙට්කෝ) තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කිනුත් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කිනුත් පහළ දමා ඇත.

ලංකා සුදු ඩීසල් ලීටරයක  නව මිල රුපියල් 405ක් වේ.

ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 355කි.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව  මිල පහළ දැමීමට සාපේක්ෂව ලංකා IOC සමාගම ද අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල  අඩු  කිරීමට තීරණය කර තිබේ.