විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

by Staff writer 02-01-2023 | 6:37 AM

COLOMBO (News 1st) –  2023 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව අද(02) රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 

ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ය.

විදුලි බිල සංශෝධනය කිරීමට අදාළ ක්‍රමවේදය දැක්වෙන්නේ විදුලිබල පනතේ 30 වැනි වගන්තියේ ය. 

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගාස්තු වැඩිවීමේ යෝජනාවක් අයක්‍රම ක්‍රමවේදයට අනුව සකස් කර මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ යුතු ය. 

අනතුරුව එය සාධාරණ දැයි සමාලෝචනය කර, අවශ්‍යතාව මත මහජන අදහස් ලබාගැනීම ද සිදුකළ යුතුයි.

සහනාධාර ලබාදීමක් වන්නේ නම්, ඒ පිළිබඳ භාණ්ඩාගාරයේ අදහස් විමසා අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයට අවසර ලබාදීම පවතින ක්‍රමවේදය වෙයි.