ලක්ෂ්මන් මාරසිංහ අභාවප්‍රාප්ත වෙයි..

නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 02-01-2023 | 9:56 PM

COLOMBO (News 1st) - නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ අභාවප්‍රාප්ත වී තිබේ.
මාරසිංහ මහතා මිය යන විට ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.

මාරවිල වලහාපිටිය පිහිටි මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ මහතාගේ නිවසේ මේ වන දේහය තැම්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 5වැනි බ්‍රහස්පතින්දා වහලහාපිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ලන්ඩන් යුනිවර්සිටි කොලීජියෙන් ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සමගින් නීති උපාධීය ගත්තේ ය.

විශ්වවිද්‍යාල කිහිපයක සේවය කළ ලක්ෂ්මන් මාරසිංහ මහතා වින්ඩ්සර් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ සම්මානනීත මහාචාර්යවරයෙකි.

යුද්ධ සමයේ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමේ ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂවරයා ලෙස ද ඒ මහතා කටයුතු කළේ ය.

ඔහු පෙම්බර්ලි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ද සමාජිකයෙකි. 

මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හා වත්මන් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමේ සභාපති රෝහිණි මාරසිංහ මහත්මියගේ ආදරණිය ස්වාමිපුරුෂයායි.