.webp)
ලොව පළමුවෙන්ම , නව වසර උදාවූයේ කිරිබතී, දූපත්වලටයි.
අනතුරුව නවසීලන්තය, රුසියාව වැනි රටවලට නව වසර උදාවිය.
2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇතැයි නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිය සුබ පැතුම් පණිවිඩයෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අපි දැනටමත් අයහපත් කාලය පසුකර ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
නිදහස ලබා 2023ට වසර 75ක් සපිරෙන නමුත් නිදහස ලැබූ අනෙක් රටවල් උදාකරගෙන ඇති ප්‍රගතිය ලබා ගැනීමට, අප මෙතෙක් සමත් වී නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම හරහා පෙන්වා දෙයි.
එම නිසා රටේ බහුතර තරුණ තරුණියන් පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටීන බවත්, එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි බවත් ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවඩයේ සඳහන් වේ.
ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද නව වසරට සුබ පැතුම් එක් කරමින් ජනාධිපතිවරයා පවසයි.
මේ අතර නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරන්නේ, සකලවිධ අභියෝග රැසක් අභිමුව වඩාත් යහපත් රටක් ගොඩ නැගීමට කැප වී කටයුතු කළයුතු බවයි.
ආහාර සුරක්ෂිතතාවය හා ග්‍රාමීය ආර්ථික පුනර්ජිවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින්, අනෙක් සෑම අංශයක් සඳහා වූ සංවර්ධනාත්මක ව්‍යායාමයන් තුළ සක්‍රීය ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබ පණිඩිවයේ සඳහන් වේ.