වසන්ත මුදලිගේට නිදහස ඉල්ලා Online විරෝධයක්..

වසන්ත මුදලිගේට නිදහස ඉල්ලා Online විරෝධයක්..

by Staff writer 01-01-2023 | 9:15 PM

COLOMBO (News 1st) - නව වසර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ අරගලයට දායක වූවන් සැමරුවේ වෙනස්ම ආකාරයකට ය.

සුබ නව වසරක් වේවා වෙනුවට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අද(01) සැරසුනේ වසන්ත නිදහස් කරන ලෙස ඉල්ලා පල වූ හෑෂ් ටැග් වලිනි. 

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, සමාජ ක්‍රියාකරීන්, අරගලයට දායක වූවන් මෙන්ම ඇතැම් සාමාන්‍ය ජනතාවගේද ෆේස් බුක්, වට්සැප් ආදී සමාජ මාධ්‍ය ගිණුම් අද(01) අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ රුවින් සැරසී තිබිණ.

ජනතාව සමග ජනතාව වෙනුවෙන් සටන් වැදුණු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඇති ඔවුන් 2023 ද අරගලයේ වසරක් බව පෙන්වා දී තිබුණේ වසන්තගේ නිදහස පතා විවිධ සුබ පැතුම් එක් කරමිනි.

වසන්ත ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන තුරු හා ත්‍රස්ත පනත අහෝසි කරන තුරු අඛණ්ඩව සටන් වදින බව ඔවුන් තම ගිණුම්වල සටහන් තබා තිබුණි.