.webp)
අද (01) පස්වරුවේ සුම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් එම සාකච්ඡාවට සහභාගි වනු ඇති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් තිදෙනෙකු පත් කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා ද විශේෂ රැස්වීමක් පැවැත්වුණ අතර එම රැස්වීම අවසන් වූයේ ද, එකඟතාවයකින් තොරව ය.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහතික කර මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සාමාජිකයින් පත්කර ගැනීමට හැකිවී නොමැත.
මේ හේතුවෙන් මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීම තවදුරටත් ප්‍රමාදවනු ඇති.
පාර්ලිමේන්තුවේ සම්මත කරගත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා ඇතුළු පත්කිරීම් රැසක් සිදුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අවශ්‍යය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් 10දෙනෙකු ඇතුළත් ය.
කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ඒ සඳහා පත්වන්නේ නිල බලයෙනි.
ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මේ වනවිට නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇති අතර සෙසු පත්කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් ලැබී නොමැත.