රටවල් කිහිපයකට නව වසර උදාවෙයි..

2023 නව වසරේ ආරම්භය පැසිපික් කලාපයේ රටවල් උත්කර්ෂවත්ව සමරයි

by Staff writer 31-12-2022 | 5:50 PM

COLOMBO (News 1st ) - 2023 නව වසරේ ආරම්භය පැසිපික් කලාපයේ රටවල් මේ වනවිට උත්කර්ෂවත්ව සමරමින් සිටී.

නව වසර මුලින්ම උදාවූයේ,පැසිපික් කලාපීය රාජ්‍යයන් වන ටොන්ගා, කිරිබර්ති හා සමෝවා රාජ්‍යයන්ට ය.

මේ අතර 2023 නව වසර පිළිගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින් ද මේ වනවිට සූදානමින් සිටී.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද (31) උදෑසන සිට ජනතාව නගර කරා පැමිණෙමින් සිටින බව ය.

2022 වසර ජනතාව ආර්ථික හා සමාජ ප්‍රශ්න රැසකින් පීඩා විඳි නමුත් එළැඹෙන නව වසරේ එම බාධා ඉවත්ව සැනසුම් දායක වසරක දිවි ගෙවීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රාර්ථනාවයි.

මේ අතර නව වසරට සෙත් පතා දිවයිනේ ස්ථාන රැසක විවිධ ආගමික වැඩසටහන්ද සංවිධාන කර තිබේ.

කොළඹ නගර ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිතව විවිධ විනෝදෝත්මක වැඩසටහන් ද  සංවිධානය  කර ඇත්තේ ජනතාව පිනවීමේ අරමු‍ණෙනි.