බීමත් රියැදුරන් සෙවීමේ මෙහෙයුම අද..

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුමක්

by Staff writer 31-12-2022 | 5:45 PM

COLOMBO ( News 1st ) - බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුමක් අද (31) පස්වරුවේ ආරම්භ කළ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ බස්නාහිර පළාතේ මාර්ග හා ප්‍රධාන නගර ආශ්‍රිත බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව ය.

නව වසර සැමරීම සඳහා අද (31) රාත්‍රී  සංවිධානය  කර ඇති විවිධ උත්සව වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ගිනි කෙළි  භාවිතයේදී ආරක්ෂාකාරී  උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින්  ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරී පුෂ්පා රම්‍යණි ද සොයිසා මෙනවිය ප්‍රකාශ කළේ,විශේෂයෙන්ම 
කුඩා දරුවන් මෙම ගිනිකෙළි අනතුරු වලින් ආරක්ෂාකර ගත යුතු බවයි.

එසේම බීමත් පුද්ගලයින් අවට සිටින පුද්ගලයින් වෙත අනාරක්ෂිත ලෙස මෙම ගිනිකෙළි  වීසි කිරීම වැනි ක්‍රියා පසුගිය කාලයේ දී  නීරීක්ෂණය වී ඇති බැවින් මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙස ද ඇය ප්‍රකාශ කළි ය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ,වසර ආරම්භයේ දී ගිනිකෙළි මගින් වන අනතුරු අවම කර ගැනීමට සියළු දෙනාම වගකීමෙන්  ක්‍රියා කළ යුතු බව ය.