පොලිස් අධිකාරිවරයෙකුට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

පොලිස් අධිකාරිවරයෙකුට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 30-12-2022 | 4:31 PM

COLOMBO (News 1st) - ගල්කිස්ස ප්‍රදේශයේදී, රථවාහන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට පහරදුන් බව කියන තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා(28) රාත්‍රියේදී සහකාර පොලිස් අධිකාරිවරයාගෙන්  යමක් විමසා ඇති බවයි.

අදාළ පිරිස මෙම විමසීම සිදු කර ඇත්තේ, සහකාර පොලිස් අධිකාරිවරයා  මිත්‍රයෙකුගේ නිවසකට ගොස් පා ගමනින් පැමිණෙමින් සිටියදී ය. 

පොලිසිය සඳහන් කළේ,  එහිදී මෝටර් රථයේ පැමිණි පුද්ගලයින්  සහකාර පොලිස් අධිකාරිවරයාට පහරදී ඇති බවයි.

පහරදීමෙන් සහකාර පොලිස් අධිකාරිවරයා තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව ප්‍රතිකාර ලබා පිටවගොස් තිබේ.