.webp)
එම වාර්තාව මෙරට සිදු වූ ප්‍රධාන සිද්ධීන් තුනක් පිළිබඳව අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ඒ රඹුක්කන සිදුවූ වෙඩි තැබීම, ගෝඨා ගෝ ගම ප්‍රහාරය, මැයි 9 සන්ධ්‍යා කාලයේ ඇතිවූ පළිගැනීමේ ප්‍රහාර මාලාව පිළිබඳව ය.
මෙම වාර්තාව ඇසුරෙන් ඔවුන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
පොලිස් ආඥා පනත වර්තමානයට ගැළපෙන පරිදි නවීකරණය කිරීම,
ස්වාධීන කොමිෂන් සභා මගින් විමර්ශන සිදු කිරීම් සහ සියලු විමර්ශනවලින් හෙළි වූ කරුණු තොරතුරු සහ දුක් ගැනවිලි ලේඛනගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සත්‍ය කොමිසමක් වැනි යාන්ත්‍රණයක් ඇති කිරීම ඒ අතරින් කිහිපයකි.
එමෙන්ම එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම හෝ වගකීම් විරහිතභාවය පිලිබඳ විශේෂ විමර්ශනයක් සිදුකළ යුතු බවටද ඔවුන් නිර්දේශ කර තිබේ