ජනවාරි 5 පාර්ලිමේන්තුව කැඳවයි

පාර්ලිමේන්තුව ජනවාරි 05 වැනිදා කැඳවීමේ තීරණයක්.

by Staff writer 30-12-2022 | 7:57 PM

COLOMBO (News 1st) - ජනවාරි 17 වැනිදා නැවත රැස්වීමට සැලසුම්කර තිබූ පාර්ලිමේන්තුවේ ජනවාරි 05 වැනිදා කැඳවීමට තීරණයක් ගෙන තිබේ.

ජනවාරි 5 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස රැස්වීමට තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමකින් අනතුරුවය.

ජනවාරි 17 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ නිවාඩු කාලය දීර්ඝවීම සලකා 5 වැනිදා පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය කළ බව අප කළ විමසීමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ය.

කෙසේ වෙතත් 05 වැනිදාට නියමිතව තිබෙන්නේ පසුගිය දිනවල විවේචනයට ලක්වූ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සහ ඡන්දයයි.