වෛද්‍යාධාර සඳහා ජනාධිපති අරමුදලෙන් රු මිලියන1500ක්

ජනාධිපති අරමුදලෙන් මේ වසරේ වෛද්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 1500ක්...

by Staff writer 30-12-2022 | 8:32 PM

COLOMBO (News 1st) - ජනාධිපති අරමුදලෙන් මේ වසර තුළ වෛද්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් ගෙවා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ වසර තුළ ජනාධිපති අරමුදලට ලැබී තිබූ අයදුම්පත් 11,000න් 10,360ක වැඩ අවසන් කර ඇති බවද එහි සඳහන් වේ.

විවිධ හේතු මත වැඩ අවසන් නොවූ ඉතිරි අයදුම්පත්‍ර 642 සම්බන්ධයෙන් ද අදාළ මුදල් ගෙවීම් ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සදහන් වේ.

වෛද්‍යාධාර ලබාදීමේ දී දැනට ගෙවනු ලබන මූල්‍යාධාර වැඩිකිරීම සඳහා අවශ්‍ය නි‍ර්දේශ ලබාගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු නිර්දේශ ලද වහාම ගෙවනු ලබන වෛද්‍යධාර ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්දී තිබේ.