කොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනයක්

ජනවාරි 1 සිට කොන්සියුලර් සේවා ගාස්තුවල සංශෝධනයක්..නවතම ගාස්තු දැන ගන්න පිවිසෙන්න

by Staff writer 30-12-2022 | 1:44 PM

COLOMBO ( News 1st ) - කොන්සියුලර් කාර්යාලවල ලේඛන හා සහතික සත්‍යාපන ගාස්තු සං⁣ශෝධනය කිරීමට තීරණය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ,මෙම ගාස්තු සංශෝධනයන් ජනවාරී 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරන සහතිකයක් රුපියල් 800ක මුදලකටත්,යම් අපනයන ලේඛනයක් රු : 8000 ක් දක්වා ගාස්තු අය කිරීමක් සිදු කෙරෙන  බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දන්වා තිබේ.

තවද විදේශිකයෙකුට නිකුත් කරන සහතික සඳහා  රුපියල් 3000 ක මුදලක් අය කිරීමටත්,වෙනත් ලේඛන සඳහා රුපියල් 1200 ක මුදලක් අය කෙරෙනු ඇති අතර විදෙස් ගත ලාංකිකයින් සඳහා වන සංශෝධිත ගාස්තු 2022.11.16 දිනැති අංක 2306/35 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.