ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෙරටට පැමිණීමේදී හා පිටවීමේදී පිරවිය යුතු කාඩ්පත Online ක්‍රමයට සම්පූර්ණ කිරීමට අවස්ථාව..

by Staff writer 29-12-2022 | 3:44 PM

COLOMBO ( News 1st ) - මෙරටට පැමිණීමේදී හා පිටවීමේදී පිරවිය යුතු පැමිණීමේ සහ පිටවීමේ කාඩ්පත පිරවීමේ ක්‍රමවේදයේ නව වෙනසක් සිදු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව, ජනවාරි 01 වැනිදා සිට මෙරටට පැමිණෙන විදේශිකයින් සහ පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් පිරවිය යුතු පැමිණීමේ සහ පිටවීමේ කාඩ්පත මාර්ගගත ක්‍රමයට(Online) සම්පූර්ණ කිරීමට ඉඩ සැලසීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.