මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් ශූරතාව ලංකාවට

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාව ශ්‍රී ලංකාවට

by Staff writer 29-12-2022 | 10:31 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා කණ්ඩායම මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාව අද  (29) දිනා සමත් විය.

2022 මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුශානි ය.

ඔවුන් දෙදෙනා සහභාගී වූ පළමු තරගයෙන් බංග්ලාදේශය පරාජය කළ අතර උස්බෙකිස්ථානය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැන්මට සමත් වූහ.

අවසන් තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ  වට දෙකම  ලකුණු 21 - 0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ඒ අනුව ඔවුන් ශූරතාව දිනා ගත්තේ වට 2 - 0ක් ලෙස තරගය ජය ගනිමිනි.