.webp)
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,හිටපු උපකුලපතිවරයාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
අද (29) පස්වරුවේ මහනුවර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, චමෝද් සත්සර මහතා පැවසුවේ, මෙම සිද්ධියට අදාළ නඩුවට පෙනී සිට ආපසු එන අතරවාරයේ මග හරස්කර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.