.webp)
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අද පෙරවරු 10.00 ට රැස්වීම පැවැත්වෙන බවයි.
මේ අතර අද දිනයේ පොලිස්පතිවරයා, ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළපෙළේ නිලධාරීන්, තැපැල්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිවරිය ඇතුළු නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ජා කිරීම සඳහා මෙම කැඳවීම කර ඇති බවය.
පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවැත්වීමට සැළසුම් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
සභාපතිවරයා පැවසුවේ, පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන මස 05 වැනි දාට පෙර නිකුත් කිරීමට සැළසුම් කර ඇති බවයි.
මැතිවරණයෙන් තේරීපත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනි දාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද සැළසුම් කර තිබේ.