ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා - ඉන්දීය 20 - 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සංචිතය නම් කෙරේ..

by Staff writer 28-12-2022 | 4:51 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 20-20  සහ එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා වන ඉන්දීය සංචිත අද (28) ප්‍රකාශයට පත් කර තිබේ.

එක්දින ක්‍රිකට් තරගාවලියේ, ඉන්දීය නායකත්වය යළි රෝහිත් ශර්මාට හිමිව ඇති අතර විරාට් කෝලි, සූර්යකුමාර් යාදෙව්, ශ්‍රෙයාස් අයියර් සහ ලෝකේෂ් රාහුල් ඇතුළු ක්‍රීඩකයින් එම සංචිතයට ඇතුළත් ය.

20-20 සංචිතයේ නායකයා ලෙස පත් කර තිබෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා වන අතර ඉෂාන් කිෂන්, ශුබ්මන් ගිල්, සංජු සැම්සන්, යුස්වේන්ද්‍ර චහාල් සහ හර්ෂාල් පටෙල්ද එම සංචිතය නියෝජනය කරති.

ඉන්දියාව සත්කාරකත්වය දරන තරගාවලියේ පළමු 20-20 තරගය ජනවාරි 3 වැනිදා පැවැත්වීමට නියමිතය.