.webp)
ඒ ප්‍රදේශ රැසක ඩෙංගු මදුරු ඝනත්වය තවදුරටත් ඉහළ අගයක පැවතීම සැළකිල්ලට ගනිමිනි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 75,434 ක් හඳුනා ගත් බවයි.
එය පෙර වසරට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩිවීමකි.
නිවේදනයක් නිකුත් කරමින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, තම අවට පරිශ්‍රයන් මෙන්ම පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගත හැකි බවයි.
ජනවාරි 02 වැනිදා පාසල් යළි ආරම්භ කිරීමට නියමිත බැවින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම සඳහා ද විදුහල්පතිවරුන්ගේ මූලිකත්වයෙන් වැඩසටහන් සකස් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කර තිබේ.