හිස ඔසවන කුරුලු උණ..

යළි හිස ඔසවන කුරුලු උණ..

by Staff writer 28-12-2022 | 4:35 PM

COLOMBO ( News 1st ) - කුරුලු උණ රෝගය හේතුවෙන් නයිජර් රාජ්‍යයේ පක්ෂීන් 4,000ක් පමණ මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ,  එම කුරුළු ගොවිපොළවල් සිටි අනෙකුත් පක්ෂීන් ද  වෛරසය  ව්‍යාප්ත වීම වළක්වා ගැනීම උදෙසා මරා දැමීමට සිදුවූ බවයි. 

මේ අතර පසුගිය සතියේ ඉන්දියාවේ කේරල ප්‍රන්තයේ ද කුරුළු උණ හේතුවෙන් පක්ෂීන් 8,000ක් පමණ මරා දමා තිබෙන අතර  ප්‍රංශයේද රට පුරා ගොවිපොළව  කුරුළු උණ ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.