.webp)
ඒ,ඔහු අද (28) පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත්, චාමිණි විජේබණ්ඩාර මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අද (28) දහවල් අත්අඩංගුවට ගත්තේ, පුද්ගලයින් 200 ක් සමග විරෝධතාවක නිරත වෙමින් සිටියදීයි.
ඒ,විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රයක් රහිතව විදේශ රැකියා සඳහා තැනැත්තන් යොමු කිරීමට පුහුණු ප්‍රචාරක කටයුතු කිරීම යන චෝදනා යටතේයි.
මොහු විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 37 වන වගන්තිය උල්ලංඝණය කර ඇති බවට,එම කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබූ අතර ඔවුන් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ , සැකකාර ඩුබායි සුද්දා දිගින් දිගමට පුද්ගලයින් විදේශගත වීම අධෛර්යමත් කිරීමට කටයුතු කර ඇති බවයි.
මෙරටට විදේශ විනිමය එන මාර්ග අවහිර වන පරිදි පුද්ගලයින් විදේශගත වීම වැළැක්වීමට කටයුතු කර ඇති ඩුබායි සුද්දාට ඇප ලබා නොදෙන ලෙස කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ,කමල් විජේසිරි මහතා අධිකරණයට පෙන්වා දුන්නේ , මැද පෙරදිග රටවලට ශ්‍රී ලාංකික කාන්තාවන් යවා ලිංගික කටයුතු සඳහා ජාවාරම් කරන බවට පළමු වරට අනාවරණය කළේ, මොහු බවයි.
මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවක නිරත වු මොහුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර ඇත්තේ,ද්වේශ සහගතව බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් ලක්ෂය බැගින්වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා ය.
මෙම නඩුව මාර්තු මස 27 යළි කැඳවීමට නියමිතයි.