ජනපති අඹේවෙලට

ජනපති අඹේවෙලට.. රජයේ ඉඩම් අක්කර 30 ක් ගොවිපොළට මුදාහරින්නැයි උපදෙස්

by Staff writer 28-12-2022 | 8:32 PM

COLOMBO ( News 1st ) - අඹේවෙල ගොවිපොළ සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමිය , වහාම අඹේවෙල ගොවිපොළට ලබා දී , එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ , එම භූමිය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක් කරන ලෙසයි. 

අඹේවෙල ගොවිපොළ සමූහයට අයත් යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය. 

මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මෙම ගොවිපොළ විවෘත කර ඊට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස , ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.