තඹුත්තේගමදී මාරක රිය අනතුරක් : දෙදෙනෙක් මරුට..

තඹුත්තේගමදී මාරක රිය අනතුරක් : තරුණයින් දෙදෙනෙක් මරුට..

by Staff writer 27-12-2022 | 8:53 PM

COLOMBO (News 1st) - අනුරාධපුර - තඹුත්තේගම මාර්ගයේ කෝන්වැව ප්‍රදේශයේ ලොරියක් සහ ත්‍රීරෝද රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

එසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 20 25 පසුවන මහගල්කඩවල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් සහ මහගල්කඩවල ප්‍රදේශයේ ආයතනයක සේවය නිම වී නිවස බලා යමින් සිටි තරුණයන් සිව් දෙනෙකු ගමන් ගත් ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මළ සිරුරු තඹුත්තේගම රෝහලේ තැම්පත් කර ඇති බව ය.