එළවළු මිල යළි ඉහළට

එළවළු මිල යළි ඉහළට

by Staff writer 27-12-2022 | 9:48 AM

COLOMBO (News 1st) - පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ. 

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේ, ඇතැම් එළවළු වර්ගවල මිල 100 % කින් ඉහළ ගොස් ඇති බවයි. 

නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලට පසුගිය දිනවල පැවති අධික වර්ෂාව මෙම තත්ත්වයට හේතුවී ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.