ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පැනවෙයිද?

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් අනතුරු ඇඟවීමක්

by Staff writer 26-12-2022 | 11:27 AM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයා වෙත ඊ-මේල් පණිවිඩයක් යොමු කරමින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

ෆී‍ෆා ආයතනයේ  නියෝගවලට රෙගුලාසිවලට අනුකූලව ශ්‍රී ලංකා  පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බවත්, සැප්තැම්බර් මාසේ 22 වැනිදා අපගේ සාමාජිකයෙකු විසින් සම්මත කෙරූ නව ව්‍යවස්ථාව යටතේ නිලවරණය පැවැත්විය යුතු බවත් මෙම පණිවුඩයේ සඳහන් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති, ජස්වර් උමාර් මහතා ප්‍රකාශ කර තිබේ.

එසේම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට අනුකූලව මෙම ව්‍යවස්ථාව නිර්මාණය නොවුණහොත්, ඒ අනුව ක්‍රියා නොකළහොත්, නව මාර්ග සිතියමක, එකඟතාවයක් පළ නොකරන්නේ නම්, තහනමක් පනවන බවත්, සම්බාධක පනවන බවත් මෙම  අනතුරු අඟවීමේ වැඩිදුරටත් සඳහන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.