අගමැතිගෙන් ප්‍රකාශයක්..

රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි - අගමැති

by Staff writer 26-12-2022 | 9:38 PM

COLOMBO (News 1st) - ආධාර සහ ණය මත යැපීමට වඩා නිෂ්පාදන, අපනයන තුළින් වේගවත් සංවර්ධනයක් ඇතිකර ගැනීමට හැකිවන පරිදි රටවල් සමග ආයෝජන, හවුල් ව්‍යාපාර සහ ද්විපාර්ශ්වික හවුල්කාරීත්වයන් ඇති කරගත යුතු බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සඳහා අභිනවයෙන් පත්වූ තානාපතිවරු පිරිසක් අද(26) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළ බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

එහිදි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට  ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ප්‍රමුඛතාවය ලබාදීය යුතු බවය.