.webp)

අදාල සිසුවා චෝදනා කරන්නේ තමන්ට පහරදුන් පිරිස අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේ මහතාගේ පුත්‍රයෙකුද සිටින බවයි.
මෙසේ පහර කෑමට ලක්වන්නේ තරුෂ මානෙත් පතිරන නමැති පාසල් සිසුවෙකි.
මෙලෙස රැගෙන යාමට පෙර අදාල පිරිස තමන්ට දුන් දුරකථන ඇමතුමක්ද ඔහු විසින් පටිගත කර තිබුණි.
පසුව පැමිණි පිරිස තමන් බලෙන් ගෙනගොස් පහරදී නැවත තම නිවස අසලට ගෙනවිත් දැමූ බව ඔහු පවසයි.
පහරකෑමට ලක් වූ සිසුවා,
"වෙන වාහනයකට දාලා මට යන ගමන් පහරදීලා ගේ ළඟින් දාලා ගියා. නාලක කොලොන්නගේ පුතා නෙලුෂ කොලොන්නේ, දිනත් විජේසිංහ කියලා කෙනෙක් හිටියා, තව මං එයාලගේ නම් හරියට දන්නේ නැහැ. තව කට්ටිය හිටියා."
පහරකෑමට ලක් වූ සිසුවාගේ මව,
"මෙයාලත් එක්ක ප්‍රශ්ණ තියෙනවාද කියන්න මම දන්නේ නැහැ. මට ඕන මගේ දරුවගේ ආරක්ෂාව සලසන්න තමයි. ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු පොලීසියට ගිහින් පැමිණිල්ලක් කළා. මේ වෙද්දී දරුවා රෝහල් ගත කරලා තියෙන්නේ."
අපි මේ පිලිබඳව පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් නාලක කොලොන්නේ මහතාගෙන් විමසීමක්ද කළෙමු.
ඔහු සඳහන් කළේ, තම පුත්‍රයා එම CCTV දර්ශනවල නොමැති බවත්, අදාල සිද්ධියට ඔහුගේ පුත්‍රයාගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.
