බොක්සිං දින ටෙස්ට් තරගය ඇරඹේ..

පකිස්ථානය - නවසීලන්තය බොක්සිං දින ටෙස්ට් තරගය ඇරඹේ..

by Staff writer 26-12-2022 | 12:53 PM

COLOMBO ( News 1st ) - නත්තල් දිනට පසු දින හෙවත් බොක්සිං දිනය වන අද(26) සත්කාරක පකිස්ථානය සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ආරම්භ වී තිබේ.

මෙරට වේලාවෙන් අද(26) උදෑසන 10.30 ආරම්භ වූ මෙම  තරගය පැවැත්වෙන්නේ කරච්චීහීදී.

බාබර් අසාම්හට තවදුරටත් පකිස්ථාන කණ්ඩාමේ නායකත්වය හිමිව ඇති අතර ඉමාම් උල් හක් , ෂාන් මසූඩ් වැනි ක්‍රීඩකයන් පකිස්ථාන සංචිතයට ඇතුළත් ය.

ටිම් සවුති නවසීලන්ත කණ්ඩායම මෙහෙය වන අතර කේන් විලියම්සන්, ටොම් ලේතම්, හෙන්රි නිකොල්ස් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් එම සංචිතයට ඇතුළත්ව තිබේ.

ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී පකිස්ථානය 7 වන ස්ථානයේ රැඳී සිටින අතර නවසීලන්තයට හිමිව ඇත්තේ එහි 8 ස්ථානයයි.