English
தமிழ்
කර්තෘ Staff writer
26 Dec, 2022 | 5:39 am
COLOMBO ( News 1st ) – 2004 දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපකට බලපෑම් එල්ල කළ සුනාමි ව්‍යසනයට අදට(26) වසර 18ක් සපිරේ.
මීට වසර 18කට පෙර, එනම් 2004 දෙසැම්බර් 26 වැනි දින අසිරිමත් නත්තලක මිහිර විඳි, දකුණු ලක හා උතුරු නැගෙනහිර වෙරළ බඩ ජනතාව සිය දෛනික කටයුතු ආරම්භ කළේය.
එදින උඳුවප් පුර පසළොස්වක පෙහෝ දිනය වූ බැවින්, බෞද්ධ සැහැදැවතුන් බොහෝ දෙනා සිටියේ ආගමික වතාවත්වල නිරත වෙමිනි.
මේ අතර ඉන්දීය හා ශාන්තිකර සාගරවලට මැදිව පිහිටි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ, දරුණු භූ කම්පනයක් සිදුවිය.
මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට සිදුවූ භූ කම්පනයේ අප කේන්ද්‍රයෙන් නැගුන උදම් රළ පළමුවෙන්ම ඉන්දුනීසියාවට කඩා වැදුණි.
ඉන් පසුව ගතවූ පැය කිහිපය තුළ උදම් රළ පහර පැයට කිලෝමීටර් 800 ක වේගයකින් ශ්‍රී ලංකා වෙරළ තීරයට කඩා වැදුණේ තත්පරයෙන් තත්පරය වටිනා ශ්‍රී ලාංකික ජීවිත 40,000කට අධික සංඛ්‍යාවක් අහිමි කරමිනි.
ඒ අතර ලොව බිහිසුණුම දුම්රිය අනතුර හික්කඩුව, පැරෑලිය ප්‍රදේශයෙන් වාර්තා විය.
මගීන් 1500 ක් පමණ රැගෙන උදෑසන 6.40 ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ අංක 50 දුම්රිය ඒ බිහිසුණු අනතුරට ලක්විය.
සුනාමි රළ පහර ශ්‍රී ලංකාව මෙන්ම ආසියාතික රටවල් කිහිපයකටම කඩා වැදුණේ ලක්ෂ 3 කට අධික වටිනා ජීවිත අහිමි කරමිනි.
ඒ මහා රුඳුරු ව්‍යසනය සිදු වී අදට වසර 18ක් ගත වුවත් අප අතරින් එදා වෙන් වී ගිය නෑදෑ, හිතමිතුරන් අප හදවත් තුළ අදටත් රැඳි සිටින්නේ නොමැකෙන මතක සටහන් රුසක් ඉතිරි කරමිනි.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS