ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

26 Dec, 2022 | 1:47 pm

COLOMBO ( News 1st ) – ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් 14 වැනිදා රාත්‍රියේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ පහරදීමෙන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඩිලාන් සේනානායක මහතා තුවාල සිදුවිය.

එම පහරදීම හේතුවෙන් ඔහුගේ පාදයකට හා උරහිසට තුවාල සිදුවිය.

සිද්ධියෙන් පසු ඩිලාන් සේනානායක මහතාව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහුව ශල්‍යකර්මයකට ද ලක් කෙරිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]