.webp)
-513782.jpg)
කොමිසම පැවසුවේ, පුරවැසියන්ට ජීවත් වීමට ඇති අයිතියට එල්ල වන බාධාවක් ලෙස සළකා අදාළ විමර්ශනය ක්‍රියාත්මක බවයි.
ඒ, විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමිනි.
විමර්ශනයට අදාළව කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයකු සහ විදුලිබල මණ්ඩලයේ ඉහළ පෙලේ නිලධාරීන් කිහිපදෙනකු කොමිසම හමුවට කැඳවා ඇති අතර ඉදිරියේදි අවශ්‍ය වුවහොත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ද කරුණු විමසීම සඳහා කැඳවීමට බලාපොරොත්තු වන බව මානව හිමිකම් කොමිසම සඳහන් කර තිබේ.
කඩිනමින් විමර්ශනය අවසන් කර, ඒ පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් නිකුත් කිරීම, කොමිසමේ සැලසුම වී තිබේ.
