.webp)
-513788.jpg)
ඒ තරගාවලියේ දෙවන තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 3 කින් ජය ගැනීමත් සමගයි.
මීර්පූර්හීදි පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමු පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු 227ට පිළිතුරු ලෙස ඉන්දීය ක්‍රීඩකයින් පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 314කි.
ඒ අනුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 231ක් පමණි.
ලකුණු 145 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන් පන්දුවාර 47ක් අවසානයේ කඩුලු 7ක් දැවී නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය.
