පස් කන්දකට දෙදෙනෙකු බිලිවෙයි..

අලවතුගොඩදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට..

by Staff writer 25-12-2022 | 12:48 PM

COLOMBO ( News 1 st ) - මහනුවර, අලවතුගොඩ, ගණපතිවත්ත ප්‍රදේශයේ දී  අද (25) උදෑසන නිවසක් මතට පස් කන්දක් හා ගලක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසීය ප්‍රකාශ කළේ, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 16 සහ 18 යන වයස්වල පසුවන දෙදෙනෙකු බවය.

තුවාල ලැබූ තිදෙනෙකු ජම්බුගහපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.