දිවයිනට ඇතුළු වුණු පීඩන අවපාතය හෙට බටහිර මුහුදු ප්‍රදේශයට – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනට ඇතුළු වුණු පීඩන අවපාතය හෙට බටහිර මුහුදු ප්‍රදේශයට – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනට ඇතුළු වුණු පීඩන අවපාතය හෙට බටහිර මුහුදු ප්‍රදේශයට – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කර්තෘ Staff writer

25 Dec, 2022 | 4:19 pm

COLOMBO ( News  1st )  –  නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වුණු නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය හෙට (26) දින ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා සඳහන් කළේ ය.  

පීඩන අවපාතය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, 
දිවයින හරහා විටින් විට හමන පැයට කි.මී 40 – 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]